ගෝඨාභය ජනපති ධුරයට පත් කිරීම ගැන සමාව ගන්නවා – දිලිත් ජයවීර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් උරදුන් බලකායේ ප්‍රමුඛ පුද්ගලයෙක් වශයෙන් ඒ ගත් තීරණය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

’69 ලක්ෂය බලගන්වන සර්වජන බලය” මහා ජන රැළියේ මංගල රැළියට අද (18) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ දී එක්වෙමිනුයි ජයවීර මහතා මේ බව සඳහන් කළේ.

මෙම ජන රැළියට ප්‍රබල දේශපාලන පක්ෂ නායකයින් සේ ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක් ව සිටියා.

ඒ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, මහාචාර්‍ය චන්න ජයසුමන යන පිරිස් එක් වුණා.

අද දිනයේ දී නුගේගොඩින් ඇරඹි මෙම සර්වජන බලය ජාතික ව්‍යාපාරය අවසන් වන්නේ ජයග්‍රහණයකින් පමණක් බවයි පැමිණ සිටි පාක්ෂකයින් අමතමින් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව අද සිට මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සමග විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්‍ය චන්න ජයසුමන ඇතුළු සර්වජන බලය එකමුතුවට අයත් දේශපාලන පක්ෂ සහ සංවිධාන 07ක්, තවත් දේශපාලන බලවේග රැසක් ෙක් වනු ඇති.

බිඳ වැටුණු 69 ලක්ෂයේ බලාපොරොත්තු නැවත බලගැන්වීම මෙම මහ ජන රැළියෙහි අරමුණ බවයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
19
+1
1
+1
1
+1
4
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?