ගෝඨාභය ජනපති ධුරයට පත් කිරීම ගැන සමාව ගන්නවා – දිලිත් ජයවීර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් උරදුන් බලකායේ ප්‍රමුඛ පුද්ගලයෙක් වශයෙන් ඒ ගත් තීරණය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

’69 ලක්ෂය බලගන්වන සර්වජන බලය” මහා ජන රැළියේ මංගල රැළියට අද (18) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ දී එක්වෙමිනුයි ජයවීර මහතා මේ බව සඳහන් කළේ.

මෙම ජන රැළියට ප්‍රබල දේශපාලන පක්ෂ නායකයින් සේ ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක් ව සිටියා.

ඒ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, මහාචාර්‍ය චන්න ජයසුමන යන පිරිස් එක් වුණා.

අද දිනයේ දී නුගේගොඩින් ඇරඹි මෙම සර්වජන බලය ජාතික ව්‍යාපාරය අවසන් වන්නේ ජයග්‍රහණයකින් පමණක් බවයි පැමිණ සිටි පාක්ෂකයින් අමතමින් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව අද සිට මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සමග විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්‍ය චන්න ජයසුමන ඇතුළු සර්වජන බලය එකමුතුවට අයත් දේශපාලන පක්ෂ සහ සංවිධාන 07ක්, තවත් දේශපාලන බලවේග රැසක් ෙක් වනු ඇති.

බිඳ වැටුණු 69 ලක්ෂයේ බලාපොරොත්තු නැවත බලගැන්වීම මෙම මහ ජන රැළියෙහි අරමුණ බවයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසුවේ.

  1. Large portion of 6.9 million voters may be grabbed by “Sarwajana Balaya”
    lt shows by looking exited comments of pro npp supporters. ln the event NPP favor votes are 21% according to opinion poll conducted by reliable Indian organization.
    .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14