ගෙළිඔයදී අතුරුදන් වූ පොලිස් සැරයන්ගේ සිරුර හමුවෙයි

රාජකාරී නිමකර නිවසට එමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුර ගැටඹේ පාසල අසල මහවැලි ගෙඟ් තිබී ඊයේ (01දා) හමු වූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මහනුවර ගම්පොළ මාර්ගයේ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා (30දා) අතුරුදන් වූ බව කියන පොලිස් සැරයන්වරයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිව තිබියදී ඔහුගේ සිරුර ඊයේ හමුවී ඇත්තේ ගෙළිඔය සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් තිබියදීයි. නල්ලතන්නිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරන ලද මෙම සැරයන්වරයා පසුගිය 29දා නිවසට එමින් සිටියදී ගෙළිඔය නගරයේදී අතුරදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. 

ගෙළිඔය නගරයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු ජලයේ ගසා ගෙන ගියේද යන සැකය මත පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ නිලධාරීහු කණ්ඩායමක් ගෙළිඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඒ. ඒ. සමරනායක (55) නමැති දෙදරු පියෙක් . සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25