ගෙවුණු පැය 24ට දිවයින පුරා මෙහෙයුම්වලින් 955ක් අත්අඩංගුවේ

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 955දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිස අතර සැකකරුවන් 633ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322ක් වනවා.

එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර, හෙරොයින් 187g, අයිස් 126g, ගංජා 14kg 700g, ගංජා පැල 28,277, මාවා 148g, මදන මෝදක 02g සහ මත්පෙති 136ක් ඇතුලත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 633 දෙනා අතරින් සැකකරුවන් 07කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 03ක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 17ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බව සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28ක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 322දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 42ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 243ක්ද ඇතුලත්.

මේ අතර ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 23ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 14ක්ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27