AFC Banner
Empty Ad
Empty Ad

ගෙවපු ණය ගැන මුදල් රාජ්‍ය ඇමති ශෙහාන්ගෙන් අනාවරණයක්

2024 වසරේ පළමු මාස 06 තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබාගත් සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක්.

එම කාලය තුළ ගෙවා දමා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සියලු පාර්ශ්ව විමසා සිටින්නේ ණය ලබාගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුව ද, ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදි මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම රජයට පැවති අතර 70% තරම් ඉහළ උද්ධමන අගයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රතිඵලයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජය ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම සහ ණය ගෙවීම සිදුකළ යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුටටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?