ගෙවපු ණය ගැන මුදල් රාජ්‍ය ඇමති ශෙහාන්ගෙන් අනාවරණයක්

2024 වසරේ පළමු මාස 06 තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබාගත් සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක්.

එම කාලය තුළ ගෙවා දමා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සියලු පාර්ශ්ව විමසා සිටින්නේ ණය ලබාගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුව ද, ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදි මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම රජයට පැවති අතර 70% තරම් ඉහළ උද්ධමන අගයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රතිඵලයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජය ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම සහ ණය ගෙවීම සිදුකළ යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුටටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21