AFC Banner
Empty Ad
Empty Ad

ගෙදරට පැන්න හොරු බැඳ පූජකයා ඝාතනය කර ස්වර්ණාභරණ කොල්ල කාලා

මුලතිව් සිලාවත්තෙයි ප්‍රදේශයේ හින්දු කෝවිල් පූජකවරයෙකුගේ නිවසකට ඇතුල් වූ කොල්ලකරුවන් පිරිසකගේ පහරදීමකින් එම පූජකවරයා මිය ගොස් තිබෙනවා.

නිවසට ඇතුල් වූ කොල්ලකරුවන් විසින් පූජකවරයාගේ නිවසේ තිබූ රන් පවුම් 15 කට ආසන් ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් පූජකවරයාගේ නිවසේ ජනේලයක් ගලවා ඇතුල් වී ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබෙනවා.

නිවසට ඇතුල් වූ කොල්ලකරුවන් සමග පොර බැදීමේදී පූජකවරයාගේ හිසට ආයුධයකින් පහරදීමෙන් පසුව ඇදවැටී ඇති අතර පසුව බිරිඳ සහ තවත් ඥාතියෙකු ලණුවලින් ගැටගසා මුහුණු ආවරණය කර පහරදී ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

කොල්ලකරුවන් විසින් නිවසින් පලාගිය පසුව පූජකවරයාගේ බිරිඳ සහ ඥාතියා ගැටගසා තිබූ බැමි බුරුල් කර ගනිමින් අසල්වාසීන්ට දැනුම්දීමෙන් පසුව මුලතිව් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය අදාල ස්ථානයට පැමිණෙන විටත් පහරකෑමෙන් බරපතල තත්වයේ සිටි පූජකවරයා මිය ගොස් සිට ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කරනු ලැබුවා.

පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අප්පාදුරෙයි වේලායුදම් නැමති පූජකවරයෙක්.

කොල්ලකෑම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මුලතිව් පොලිසිය වැඩිදුර පරක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?