AFC Banner
AFC Banner
Empty Ad

ගුවන් අනතුරේ වරද පිළිගෙන වන්දි ගෙවන්න – අසර්බයිජාන් ජනපති රුසියාවෙන් ගේම ඉල්ලයි

පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් නත්තල් දිනයේ සිදුවූ ගුවන් අනතුරේ වරද පිළිගන්නා ලෙස අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් රුසියාවෙන් ඉල්ලා තිබෙනවා.

එලෙස වරද පිළිගෙන අනතුර සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙසයි අසර්බයිජාන් ජනාධිපතිවරයා රුසියාවට පවසා ඇත්තේ.

පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේ දී අනතුරට ලක් වීමෙන් යානයේ සිටි 67 දෙනාගෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියා.

පසුව අනාවරණය වුණේ රුසියාව විසින් එල්ල කළ ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යානය කඩා වැටුණු බවයි.

මේ අතර පසුගිය සෙනසුරාදා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, රුසියානු ගුවන් සීමාවේදී ගුවන් යානය බිම හෙළීම සම්බන්ධයෙන් අසර්බයිජානියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයැද සිටියා.

පුටින්ගේ සමාව අයැදීම පිළිගනිමින් අසර්බයිජාන් ජනාධිපතිවරයා කියා සිටියේ රුසියාව ඔවුන්ගේ වරද පිළිගෙන වන්දි ගෙවිය යුතු බවයි.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් යානය දෙසැම්බර් 25 වැනි දින අසර්බයිජානයේ අගනුවර වන බකු සිට චෙචන් අගනුවර වන ග්‍රොස්නි දක්වා ගමන් කරමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාට ලැබුණ ආදරය ඔයා කොහොමද පරිස්සම් කරන්නේ
05:04
Video thumbnail
කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුව - 2025-01-28
58:30
Video thumbnail
මනූෂ මාධ්‍යට ඇවිල්ලා මුණිවත රැකගන්න කෙඳිරි ගායි
06:36
Video thumbnail
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වන දසත ප්‍රහාරය සජීවීව
01:29:41
Video thumbnail
ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
39:07
Video thumbnail
මාලිමා ආණ්ඩුවට ඇඬෙයි වගේ - මෙන්න හැදෙන්න යන අලුත් පුළුල් සන්ධානය
05:50
Video thumbnail
මාලිමා ආණ්ඩුවේ ගෙඹි නියායන් වලට මනූෂ සැරටම අමතයි
05:04
Video thumbnail
මගේ තාත්තව ඝා#නය කරන්නේ - ජනතා විමුක්ති පෙරමුණෙන් - මේවත් හොයලා පරීක්ෂණයක් කරන්න
03:01
Video thumbnail
ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන්නට පෙර මෙලොව හැරගිය සුපුන් සදරැවන්
01:37
Video thumbnail
මාලිමාවට එරෙහි සියලු බලවේග එක්වෙයි - අද රෑ ගන්න යන විශේෂ තීරණය මෙන්න
05:21

?