ගුවන් අනතුරේ වරද පිළිගෙන වන්දි ගෙවන්න – අසර්බයිජාන් ජනපති රුසියාවෙන් ගේම ඉල්ලයි

පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් නත්තල් දිනයේ සිදුවූ ගුවන් අනතුරේ වරද පිළිගන්නා ලෙස අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් රුසියාවෙන් ඉල්ලා තිබෙනවා.

එලෙස වරද පිළිගෙන අනතුර සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙසයි අසර්බයිජාන් ජනාධිපතිවරයා රුසියාවට පවසා ඇත්තේ.

පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේ දී අනතුරට ලක් වීමෙන් යානයේ සිටි 67 දෙනාගෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියා.

පසුව අනාවරණය වුණේ රුසියාව විසින් එල්ල කළ ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යානය කඩා වැටුණු බවයි.

මේ අතර පසුගිය සෙනසුරාදා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, රුසියානු ගුවන් සීමාවේදී ගුවන් යානය බිම හෙළීම සම්බන්ධයෙන් අසර්බයිජානියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයැද සිටියා.

පුටින්ගේ සමාව අයැදීම පිළිගනිමින් අසර්බයිජාන් ජනාධිපතිවරයා කියා සිටියේ රුසියාව ඔවුන්ගේ වරද පිළිගෙන වන්දි ගෙවිය යුතු බවයි.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් යානය දෙසැම්බර් 25 වැනි දින අසර්බයිජානයේ අගනුවර වන බකු සිට චෙචන් අගනුවර වන ග්‍රොස්නි දක්වා ගමන් කරමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10