ගිනිගොඩක් නිසා යතුරුපැදිකරුවෙකුට දිවි අහිමිවෙලා

මැදවච්චිය පොලිස් වසමේ A 09 මාර්ගයේ කිලෝමීටර් 149 කණුව ආසන්නයේ දී ඊයේ (03) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹෑව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු‍ 33ක පුද්ගලයෙක්.

ප්‍රදේශයේ මාර්ගය අසල කැලෑවක් එළිපෙහෙලි කර ගිනිතබා තිබියදී එම ස්ථනය පසුකර අනුරාධපුර දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදියක පැදිකරුට දුම සහ ගිනි දැල් හේතුවෙන් මාර්ගය අපහැදිලිවීම හේතුවෙන් යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු සහ කැලෑව ගිනි තැබීම හා එයට අනුබලදීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මැදවච්චිය පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?