ගිනිගොඩක් නිසා යතුරුපැදිකරුවෙකුට දිවි අහිමිවෙලා

මැදවච්චිය පොලිස් වසමේ A 09 මාර්ගයේ කිලෝමීටර් 149 කණුව ආසන්නයේ දී ඊයේ (03) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹෑව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු‍ 33ක පුද්ගලයෙක්.

ප්‍රදේශයේ මාර්ගය අසල කැලෑවක් එළිපෙහෙලි කර ගිනිතබා තිබියදී එම ස්ථනය පසුකර අනුරාධපුර දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදියක පැදිකරුට දුම සහ ගිනි දැල් හේතුවෙන් මාර්ගය අපහැදිලිවීම හේතුවෙන් යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු සහ කැලෑව ගිනි තැබීම හා එයට අනුබලදීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මැදවච්චිය පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58