ගෑස් ගැන ඇමතිගෙන් හොද පුවතක්

අද (22) දිනයේ මෙන්ම ඉදිරි දින කිහිපය තුළදීත් ගෑස් නෞකා කිහිපයක්ම මෙරටට ළඟාවීමට නියමිත බැවින් ඉදිරියේදී හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමේ හැකියාවක් ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වූ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“අද ළඟාවූ නැවේ ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් තිබෙනවා. එයින් ගෑස් සිලින්ඩර් 288,000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අද සිට ඉදිරියට ඒ නැව් ටික නියමිත පරිදි ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසේ ලක්ෂ 12ක ගෑස් සිලින්ඩර හිඟයක් තිබුණා. ඇත්ත ඒකයි. විදිමත් පරිදි ඒ ඇනවුම් ළඟා වුණේ නෑ. දැන් එහෙම නෑ. ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීම ගැන තාම අවසාන තීරණයක් නෑ. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ වැඩිවීමක් සහ ඩොලරයේ වැඩිවීමක් අද තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?