AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ගැන සතුටුදායක ආරංචියක්

මේ වනවිට ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා දේශසීමා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර හිමිව ඇති බව වාර්තා වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා අද (02) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ තානාපති කාර්යාලය මඟින් ඒ බව දැනුම් දී ඇති බවත්, අද (02) දහවල් 12.00 පමණ වනවිට මෙම පිරිසෙන් 15 දෙනෙක් ඊජිප්තුවට ඇතුළුවීමට නියමිත බව ඔහු පැවසුවා.

මේ අතර හමාස් ප්‍රහාරවලින් පසු අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව ද සඳහන් කර සිටියා.

මේ අතර සති 03කට වැඩි කාලයකින් පසු පළමු වතාවට ඊජිප්තුව රෆා දේශසීමා මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමත් සමඟ 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකු ගසා තීරණයෙන් මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය අද (02) උදෑසනවන විට වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?