ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ගැන සතුටුදායක ආරංචියක්

මේ වනවිට ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා දේශසීමා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර හිමිව ඇති බව වාර්තා වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා අද (02) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ තානාපති කාර්යාලය මඟින් ඒ බව දැනුම් දී ඇති බවත්, අද (02) දහවල් 12.00 පමණ වනවිට මෙම පිරිසෙන් 15 දෙනෙක් ඊජිප්තුවට ඇතුළුවීමට නියමිත බව ඔහු පැවසුවා.

මේ අතර හමාස් ප්‍රහාරවලින් පසු අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව ද සඳහන් කර සිටියා.

මේ අතර සති 03කට වැඩි කාලයකින් පසු පළමු වතාවට ඊජිප්තුව රෆා දේශසීමා මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමත් සමඟ 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකු ගසා තීරණයෙන් මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය අද (02) උදෑසනවන විට වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18