spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ගාම්භීර්ට අද ඉන්ටර්වීව් එකක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එකම අයදුම්කරු වන ගෞතම් ගාම්භීර් අද (18) දිනයේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට නියමිත බව වාර්තා වනවා.

ක්‍රිකට් උපදේශක කමිටුව විසින් ගාම්භීර්ව සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ක්‍රිකට් උපදේශක කමිටු සමාජිකයින් වන අශෝක් මල්හෝත්‍රා, ජටින් පරංජපේ සහ සුලක්ෂණ නායික් විසින් හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවාව සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

මේ අතර ගාම්භීර්ගේ ධූර කාලය 2027 අවසානය දක්වා පවතින අතර, ඔහුට අවශ්‍ය සහාය පුහුණු කාර්ය මණ්ඩලය තෝරාගැනීමට ද ඔහුට අවස්ථාව සළසා දී ඇති බව සඳහන්.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්, පන්දු යැවීමේ පුහුණුකරු පරාස් මාම්බ්‍රේ සහ පන්දු රැකීමේ පුහුණුකරු ටී දිලිප් සමඟ ගාම්භීර්ගේ දිගටම කටයුතු නොකරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර නව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින්ගේ නම් ද නුදුරේදීම ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?