AFC Banner
AFC Banner
Empty Ad

ගසකට යට වී අයෙක් මරුට

බලන්ගොඩ – හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු ඊයේ (08) සවස එම ගසට යටවීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස මියගොස් ඇත්තේ සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ හල්පේ ප්‍රදේශයේ පදිංචි ව සිටි වයි. ජි. ධර්මදාස නමැති 61 හැවිරිදි වියෙහි පසුවන අයෙක් බවයි.

එම ගස කපා කඹයකින් එය අඳිමින් සිටි අවස්ථාවේ දී අදාළ ගස ඔහුගේ ශරීරය මතට ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මුලික රෝහලට රැගෙනවිත් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?