අරලියගහ මන්දිරයේ පසුගිය 09 වැනිදා පැවැති රැස්වීමට තම පාක්ෂිකයන් පිරිසක් සමග ගිය ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයබිම විමලරත්න සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනතෙක්ම ගල්ගමුවට පැමිණ නැති බව පවසමින් එම ප්‍රදේශයේ තරුණයන් විසින් ගල්ගමුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ‘විමලේ ගෝ ගම’ නමින් කුටියක් ඉදිකර සභාපති ඇතුළු පිරිස පැමිණෙන තුරු දින 04 ක් තිස්සේ එහි රැදි සිටි.අරලියගහ මන්දිරයට ගිය මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන්ගේ යතුරුපැදි ද තරුණයන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති බව අප වාර්තා කරු පැවසීය.
ඇතුළු පිරිස කෙදිනක හෝ පැමිණෙනතුරු ඔවුන් රැඳී සිටින බවයි. වත්මන් සභාපතිවරයා ඇතුළු පිරිස මහජන මුදල් අවභාවිතා කරමින් ගල්ගමුවේ ජනතාව දැඩි පීඩාවට පත් කරමින් සිටි බවත් මින් ඉදිරියට එසේ කිරීමට ඉඩ නොතබන බවත් ඔවුන් පවසයි




