AFC Banner
AFC Banner
Empty Ad

ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුත්

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට හෘද රෝග විශේෂඥයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයෙකු වන අතර ඔහු ලෙෆ්ටිනන් කමාන්ඩර් තනතුරෙහි සේවය කරන්නෙකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අවස්ථා දෙකකදී මෙම විශේෂඥ වෛද්‍යවරයා අදාල පහළොස් හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ඒ වෙනුවෙන් වරකට රුපියල් 15,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් තිස් දහසක් වැයකර තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව අද අළුයම අදාල විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බණ්ඩාරගම ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයා සහ අනෙක් පුද්ගලයා අද අධිකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි මේ අනුව මෙම දැරිය අපයෝජන සිද්ධියට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 34ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?