ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනිඅවියක් සොයාගනී

ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ටෝරුවකින් ගිනි අවියක් සොරකම් කළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුම්කරුවෙකු (29 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාරගතව සිටි අයෙකු වන අතර අධිකරණ පරිශ්‍රය පිරිසිඳු කිරීම සඳහා පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු වනවා.

පැරණි නඩු භාණ්ඩ ඇති ගබඩා කාමරයක් සුද්ද පවිත්‍ර කරමින් සිට ඇති අතර එහි තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් රැගෙන මල්ලක දමා බන්ධනාගාර බස් රථයට ගොඩ වීමේදී බන්ධනාගාර නිලධාරියෙක් විසින් ඔහු සතුව තිබූ මල්ලක් පිළිබඳව සැක සිතී පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිලන්ත ගමගේ ඇතුළු ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?