ගල්කිස්සේ ඝාතනයට තවත් තුනක් මාකුඹුරේ දී අල්ලයි

පසුගිය පළමු වනදා ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාලු ඉඩමක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා ඊයේ (04) කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර අධිවේගි මාර්ග බස් නැවතුම්පල අසල දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 31, 32 සහ 34 යන වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත අපරාධයට යොදාගත් කඩු 02ක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

මේ අතර මෙම ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය දෙවනදා අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34
Video thumbnail
මොඩියුලර් 106ක් භාෂා තුනෙන්ම මුද්‍රණය කළා..නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන හැටි අගමැතිනි කියයි..
12:10
Video thumbnail
ආණ්ඩුවේ අමුඩෙට කවුදෝ පහරලා..ආණ්ඩුව වගකීම භාරගත්තනම් ලක්ෂ 600ත් දීලම අයින් වෙන්න
14:54
Video thumbnail
ආයේ ඔයාලට බලයට එන්න දෙන්නේ නෑ - නාමල්ට රිදෙන්නම කියයි
01:53
Video thumbnail
නිවාස පේළියක් විනාශ කළ මහ ගින්න..ගෙවල් අළු වෙලාම ගිහින්..මිනිස්සු හඬා වැ#යි
01:36
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂට නැවතත් නඩු පවරන්න..අජිත් පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි
07:48
Video thumbnail
මීටියාගොඩින් T-56 ගිනි අවියක් සහ හෙරෝයින් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි
01:22
Video thumbnail
නායයෑම් අනතුරු ඇගවීම් දීර්ඝ කරයි..බොහෝ ප්‍රදේශවලට අදියර 3 යටතේ රතු නිවේදන
03:59


?