AFC Banner
AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීව නිහඬ කළ නීතිඥ වෙසින් ආ වෙඩික්කරු මෙන්න

ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා හට වෙඩි තැබූ බවට සැක කෙරෙන වෙඩික්කරුගේ ඡායාරූපයක් මේ වනවිට (19) මාධ්‍ය වෙත නිකුත් ව තිබෙනවා.

අදාළ වෙඩික්කරු කොළඹ – අලුත්කඩේ අංක 05 දරණ උසාවි පරිශ්‍රයට ඇතුල් වී ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස්ගෙන බවයි වාර්තා වන්නේ.

අද පෙවරවරු 8.45ට පමණ ගනේමුල්ල සංජීව නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට දැඩි පොලිස් හා විශේෂ කාර්‍යය බලකා ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ආවා.

ඉන් අනතුරුව ඔහු ව උසාවියට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට වෙඩික්කරු විසින් ගනේමුල්ල සංජීව නොහොත සංජීව කුමාර සමරරත්න නමැත්තේගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරයන්ගෙන් බරපතළ තුවාල ලැබූ චූදිතයා වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණ ද ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩික්කරු මේ වන විට පලා ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට පුළුල් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට යොදාගෙන ඇත්තේ රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් වන අතර එය උසාවි පරිශ්‍රයේ වැටී තිබියදී සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?