ගනේමුල්ල සංජීව නිහඬ කළ නීතිඥ වෙසින් ආ වෙඩික්කරු මෙන්න

ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා හට වෙඩි තැබූ බවට සැක කෙරෙන වෙඩික්කරුගේ ඡායාරූපයක් මේ වනවිට (19) මාධ්‍ය වෙත නිකුත් ව තිබෙනවා.

අදාළ වෙඩික්කරු කොළඹ – අලුත්කඩේ අංක 05 දරණ උසාවි පරිශ්‍රයට ඇතුල් වී ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස්ගෙන බවයි වාර්තා වන්නේ.

අද පෙවරවරු 8.45ට පමණ ගනේමුල්ල සංජීව නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට දැඩි පොලිස් හා විශේෂ කාර්‍යය බලකා ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ආවා.

ඉන් අනතුරුව ඔහු ව උසාවියට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට වෙඩික්කරු විසින් ගනේමුල්ල සංජීව නොහොත සංජීව කුමාර සමරරත්න නමැත්තේගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරයන්ගෙන් බරපතළ තුවාල ලැබූ චූදිතයා වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණ ද ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩික්කරු මේ වන විට පලා ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට පුළුල් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට යොදාගෙන ඇත්තේ රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් වන අතර එය උසාවි පරිශ්‍රයේ වැටී තිබියදී සොයා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32