AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට ඇල්ලූ තවත් තිදෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවන් තිදෙනෙක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් තිදෙනා අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන දෙදෙනෙක් සහ ගිනිඅවිය ලබාදීම සම්බන්ධයෙන් අනිත් සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙම සැකකරුවන් 19, 22 සහ 25 වන වියේ පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?