AFC Banner
Empty Ad
Empty Ad

ගංගා සෙනවිරත්නගේ ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව බොඳව යයි

පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහභාගී වූ මූලික වටයේ පළමු තරගයෙන් ජයගැනීමට හැකියාව ලැබුණා.

මීටර් 100 පසුපස ආර තරග ඉසව්ව නියෝජනය කළ ඇය මූලික වටයේ සහභාගී වූ පළමු තරගය ජයගත්තේ පළමුවැන්නා ලෙස විනාඩි එකයි තත්ත්පර 04යි දශම 26ක කාලයකින් එම ඉසව්ව අවසන් කරමින්.

කෙසේ වෙතත් ඇයට මෙම තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ක්‍රීඩිකාවන් 36 දෙනෙක් මූලික වටයේ තරග 05ක් යටතේ මෙම තරග ඉසව්ව සඳහා ඉදිරිපත් වුණා.

එහිදී ගංගාට හිමි වුණේ 31 වන ස්ථානයයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 පසුපස ආර තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙක් සුදුකම් ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
2
+1
22
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?