Empty Ad
AFC Banner
Empty Ad

ඛනිජ තෙල් බෙදුම්කරුවන් ජනපතිට සංදේශයක් භාරදීමට සැරසෙයි

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් අද (03) පෙරවරුවේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසලට රැස්ව සිටියා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමේ අරමුණින්.

එම සංගමයේ සාමාජිකයින් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ බෙදුම්කරුවන්ට මීට පෙර හිමි වූ 3%ක වට්ටම් මුදල අහිමිකිරීම තුළ තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

ඒ, සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා මෙලෙස සංදේශයක් භාරදීමට අද දිනයේ පැමිණි බවත් ඔවුන් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඉන්ධන අලෙවිසැල වසා දැමීමක් සිදුකර නොමැති බවත්, ඒවායේ සේවකයින් සංඛ්‍යාව අඩුකර පැය 24 පුරාම ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් ඔවුන් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?