Empty Ad
AFC Banner
Empty Ad

කෝටි 10ක් දෙන්න මට සල්ලි නෑ – ජනතාවගෙන් එකතු කරලා ගෙවන්න සූදානම්

අධිකරණයෙන් කළ නියෝගය අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10ක මුදලක් ලබාදීමට තමන්ට වත්කමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ තමා දේශපාලනයේ නිරත වෙමින් කිසිදු ආකාරයකින් දූෂණ වංචාවලට සම්බන්ධ වීමක් හෝ මුදල් එක්රැස් කර ගැනීමක් සිදුකර නොමැති බවයි.

තමාගේ බලාපොරොත්තුව රට පුරා සිටින තම පාක්ෂිකයන් ඇතුලු ජනතාවගෙන් කෝටි 10ක මුදල එකතු කර ගැනීම අපේක්ෂාව වන අතර වසර 34ක් පුරා තම දේශපාලන දිවිය තුල සෑම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට ලබාදී ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට රජයෙන් ලබාදෙන වාහන තුනක් පමණක් තමා සතුව පවතින අතර වෙනත් යතුරුපැදියක් හෝ තමාට නොමැති බවන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා ලෙසට කටයුතු කරන සමයේ සිදුකළ නිල විදෙස් සංචාර ද සිදු කරනු ලැබුවේ ජාත්‍යන්තර සංවිධානවලින් ලැබුණු ටිකට්පත්වලින් බවයි ඔහු කියාසිටියේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මාධ්‍ය හමුව ආරම්භ කරන අවස්ථාවේ විදුලිය විසන්ධි වීමක් ද සිදුවූ අතර ඔහු මාධ්‍ය හමුව පවත්වනු ලැබුවේ දුරකථන සහ ඊට පෙර විදුලි ආරෝපණය කර තිබූ විදුලි බල්බ යොදා ගනිමිනුයි.

https://www.youtube.com/watch?v=Hrr-fuTtpdY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?