කෝටි ගණනක් වටිනා ඉඩම බලහත්කාරයෙන් ගන්න හදන හැටි (වීඩියෝ)

කොළඹ – 07 , බාන්ස් පෙදෙසේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් අත්පත් කර ගැනීම සඳහා පාතාල ක්‍රියාකාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට දසත නිවුස් වෙත තොරතුරු වාර්තා වනවා.

ඊට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ මැදිහත්වීමක් ඇතැයි ද සඳහන්.

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටා ඇති මෙම නිවස සහිත ඉඩම අක්කර ½ ක පමණ වපසරියකින් යුතුයි.

මීට මාස 6 කට පමණ ඉහතදී දේපල අත්පත් කර ගැනීම සඳහා පැමිණි දෙපිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබු අතර කුරුඳුවත්ත පොලිසිය පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

ඊයේ දිනයේ ද යළි මෙම නිවස අත්පත් කර ගැනීමට පුද්ගලයන් පිරිසක් පැමිණ තිබුණා.

මොවුන්ගේ පාතාල ක්‍රියාකාරකම් සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ද සහය ලැබී ඇති බවට චෝදනා එල්ල වනවා.

බලහත්කාරයෙන් මේ වනවිට රැඳී සිටින පිරිස මෙම නිවසේ හිමිකාරීත්වය කියාපෑමට හැඳුනුම්පතක් ද ඉදිරිපත් කර ඇති නමුත් මේ වනවිට අදාල හැඳුනුම්පත ව්‍යාජ තොරතුරු ලබා දී සකසන ලද්දක් බව හෙළිව තිබෙනවා.

ඒ අනුවයි මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අදාල හැඳුනුම්පත අවලංගු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ අනවසරයෙන් නිවසේ රැඳී සිටි පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
15
+1
7
+1
4
+1
1
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44