spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

ඝාතනයට ලක්වූ තලංගම පැලවත්ත නිමි ඇදුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා රුධිර සාම්පල සැසඳීමට වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටින ඔහුගේ මව අද ජින්ටෙක් ආයතනය වෙත යොමු කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

ඉකුත් මස 30 වෙනි දින සිට අතුරුදන්ව සිටි ව්‍යාපාරිකයාගේ මළ සිරුර මෙම මස දෙවැනි දින පැලවත්ත එම් ඩි එච් පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසේ ඉහළ මහලේ කොනකට වන්නට පිහිටා තිබෙන නාන තටාකයේ පාවෙමින් තිබියදී දී පොලිසියට හමු වී තිබුනා.

ඇප් එකක් හරහා මාසයකට පෙර සිට දැන හඳුනාගෙන තිබූ ව්‍යාපාරිකයාව හමු වූ මුල් දවසේම දෙදෙනා අතර සමීප ඇසුරක් පැවති බව සැකකරු සිදු කළ පාපෝච්චාරණකින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

තමන් එදින ව්‍යාපාරිකයා හමුවීමට පෙර කළුබෝවිල ප්‍රදේශයේ ෆාමසියකින් උපත් පාලන කොපු තුනක් මිලදී ගත් බව සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබෙනවා.

සමීප ඇසුරක් පවත්වා තිබූ සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාට පොලු මුගුරුකින් පහරදී ඝාතනය කර සැකකරු ඔහුගේ සිරුර නාන තටාකයට ඇද දමා පලාගොස් තිබුන අතර ඝාතනය කිරීමට හේතු වශයෙන් සැකකරු සඳහන් කර ඇත්තේ තමන් ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ බවත් එය නොදීම හේතුවෙන් තමන් පහර දුන් බවත්ය.

සැකකරුගේ ප්‍රකාශ මත එම නිවස තුළ තිබී පහර දීමට යොදා ගත් පොලු මුගුරු පොලිස් බාරයට ගැනීමටත් මිලදී ගත් බව කියන උපත් පාලන කොපු දෙකෙන් එකක් අස්ථාන ගතව තිබීම සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වූ අතර එය සොයාගැනීමට නොහැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

සැකකරු ව්‍යාපාරිකයාගෙන් කොල්ලකන ලද ජංගම දුරකථනය වැල්ලවත්ත මුහුදු තීරයට විසි කළ බවට අනාවරණය වීමෙන් අනතුරුව එය සොයා ගැනීම සඳහා සැකකරුගේ මග පෙන්වීම මත පොලිස් නිලධාරීන් පැය දෙකකට අධික කාලයක් පුරා උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වූ බව වාර්තාවෙනවා.

පොලු මුගුර හා තුළ තිබී සොයාගත් පාවිච්චි කරන ලද උපත් පාලන කොපුව විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.

සැකකාර යුවල අද කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?