මහ සයුර මැද මෙලොව එළිය දුටු බිළිඳා

යාපනය, නයිනතිව් ප්‍රදේශයේදී කාන්තාවක් මුහුදේදී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

නයනතිව් ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (17) ප්‍රසව වේදනාව හේතුවෙන් නයනතිව් දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය යාපනය ශික්ෂණ රෝහලට මාරු කිරීමටයි වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ.

ඇයව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාම සඳහා එම අවස්ථාවේ ගිලන්රථ බෝට්ටුව නොතිබූ බැවින් මගී ප්‍රවාහන බෝට්ටුවක නංවාගෙන කුරිකට්ටුවාන් වෙත රැගෙනවිත් තිබෙනවා.

කෙසේනමුත් බෝට්ටුව මුහුදේ ගමන් කරමින් සිටින අතරතුරදීඉ කාන්තාවගේ ප්‍රසව වේදනාව උත්සන්න වී ඇති අතර බෝට්ටුවේ පහළ තට්ටුවේ සිටි පිරිමින් ඉහළ තට්ටුවට යවා බෝට්ටුවේ ගමන් ගත් කාන්තාවන් ඇයට දරු ප්‍රසූතිය සිදු කිරීමට උදවු වී තිබෙනවා.

බෝට්ටුව කුරිකට්ටුවාන් ප්‍රදේශයට ළඟා වූ පසු ගිලන් රථයක් ආධාරයෙන් මව සහ බිළිඳා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මව සහ බිළිඳා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08