පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ දේශපාලඥයෝ නිසා

මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කර ඇති බවත් මේ හේතුවෙන් යළි වර්ධනය වෙමින් පැවති සංචාරක කර්මාන්තය පවා ඇනහිටින තත්ත්වයක් උද්ගත වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ අද (18) කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත්, සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සහ අමතර ගාස්තු සමඟ සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් සාර්ක් රටවල ඩොලර් 58 ඉක්මවා ඇති බවයි.

මේ නිසා රෙඩ් වින්ග්ස් කියන ගුවන්යානය හරහා රුසියාවෙන් අප රටට සතියකට 800ක් පමණ සංචාරකයන් පැමිණීමට නියමිතව තිබුණත් එය ද මේ වනවිට නතර කර ඇති බවත් මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගන්නට පෙර විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළා ද කියා ගැටලුවක් ඇතිව තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ තායිලන්තය, කාම්බෝදියාව, වියට්නාමය, මාලදිවයින, බාලි වැනි රටවල වීසා සහන මෙන්ම වීසා ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇති මොහොතක අප රට ඩොලර් 100 ඉක්මවා ගිය මුදලක් අය කරන බවත් මෙය අමනෝඥ තීන්දුවක් බවත්ය.

එසේම ඉලෙක්ට්‍රොනික් ට්‍රැවල් ඔටෝමේෂන් ක්‍රමයෙන් බැහැර වී VFS ග්ලෝබල් වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා වීසා ලබා ගැනීමේ වැඩපිළිවෙළ අකාර්යක්ෂම වී ඇති බවත් පහසුවෙන් වීසා ලබා ගැනීමේ අවස්ථාව අහිමි කර අලුත් ක්‍රමය තුළ අනවශ්‍ය ප්‍රශ්නත් ඇති කර ඇති බවත් මේ තත්ත්වය තුළ දින 30 වීසා එකට පවා අවස්ථාව අහිමි වී ඇති බවත් ඒ නිසා දීර්ඝ කාලයක් සිටීමට ලබා දෙන වීසා සමහර විදේශිකයන් උපයෝගී කර ගෙන මෙරට කූඨ ව්‍යාපාර රැකියා කර බවත් පොලි රහිත ඔන්ලයින් ණය ලබා දී එය මාෆියාවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අත්තනෝමතික අමනෝඥ තීන්දු තීරණ ගැනීම තුළ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වරුවන් කළකිරිමට ලක්ව ඇති බවත් මේ ගැන කිසිදු කතාවක් නොකර මෙවැනි වැඩි කිරීමක් තුළ රටේ සංචාරක කර්මාන්තය කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ භාෂාව මුල් කර ගෙන විවිධ පාලකයෝ සහ දේශපාලනඥයෝ ඡන්ද එකතු කරන බවත් සිංහල පමණයි දමිළ පමණයි කියන අය මෙම ප්‍රතිපත්තියේ සිටින්නේ 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ අනාගතය ගැන සිතා නොව තමන්ගේ අනාගතය ගැන සිතා බවත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල් පෞද්ගලික විශ්වවිද්‍යාවලට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ප්‍රභූ පන්තිය සහ පහළ පන්තිය ලෙස සමාජයේ බෙදීමක් ඇතිව තිබෙන බවත් ආර්ථික බෙදීම හා බංකොලොත්භාවයට අමතරව නැති බැරි ඇති හැකි බෙදීමක් අධ්‍යාපනයේත් නිර්මාණය වී ඇති බවත් අධ්‍යාපනයේ ගැටලුවලට ඇති එකම විසඳුම සිංහල හෝ දමිළ පමණයි කියන එක නොව මව් භාෂා දැනුම සමඟ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු වීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කතා කියන විට මම විජාතිකයි කියා පහර ගැසිය හැකි නිසා මේ කාඩ්බෝඩ් බොරු දේශප්‍රේමීත්වයට රූකඩ ජාති ආලයට නොරැවටෙන ලෙසයි.

තමාට පාසලේ දේශපාලනය කතා කරනවා කියා චෝදනාවක් එල්ල වන බවත් දේශපාලනය නිසා මේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් නොලැබීම සහ රජයේ පාසල් සම්පත්වලින් හිඟවීම සිදුවන බවත්, එකම පාසලේ දරුවන්ට බෙදා දිවා ආහාරය ලබා දෙන්නේ මේ දේශපාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා බඩු බෙදන නායකයකු බවට චෝදනාවක් එල්ල වී ඇති බවත් මේ බෙදිල්ලෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවට පවසන අයගෙන් අහන්න ඇත්තේ පරිගණකයක්, සුහුරු පුවරුවක්, ශබ්දකෝෂ, නර්තන ඇදුම්, පුස්තකාලයට ග්‍රන්ථ ලබා දීම නරක දෙයක්ද කියා ප්‍රශ්න කරන බවත් මෙසේ බෙදිල්ල නරකැයි කියන අය මහපාරේ කොමියුනිස්ට්වාදය අන්ත සමාජවාදය ගැන කතා කරමින් තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාවලට යවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12