AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ විශ්වවිද්‍යාලය නමින් ග්‍රහකයක් නම් කරයි – හේතුව මෙන්න

අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක් කොළඹ විශ්වවිද්‍යාලය නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි එහි උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න ප්‍රකාශ කළා.

කලම්බුයුනිලංකා යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රහකය මුල්වරට සොයාගෙන ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ආචාර්ය නලින් සමරසිංහ සහ ප්‍රකට තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර් විසින්.

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන තිබුණේ 2,000 වසරේදියි.

ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකුට ග්‍රහකයක් සොයාගැනීමේ ගෞරවය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ ද එය නව පිටුවක් සනිටුහන් කරන්නක්.

මෙම ග්‍රහකය ඉතා තියුණු දුරදක්නයක් මගින් නිරීක්ෂණය කළ හැකියි.

කිලෝමීටර 1ත් දෙකත් අතර ප්‍රමාණයකින් යුත් ග්‍රහකය සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පවතින බවද සඳහන්.

එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 210කටත් වඩා දුරින් පවතින බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?