හිස්බුල්ලා වෙත එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය අද – 182ක් මරුට

ඊශ්‍රායල – හිස්බුල්ලා නො නවතින සටන් මේ වනවිට (23) තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර; අද දිනයේ ද එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් ලෙබනනයේ පුද්ගලයින් 182 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් ජසීරා මාධ්‍ය වාර්තා කරන්නේ; ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ඊශ්‍රායල ප්‍රහාරවලින් අද දිනයේ දී තවත් පුද්ගලයින් 700කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පසුගිය වසරේ සිට දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ඊශ්‍රායල – හිස්බුල්ලා ගැටුම් තීව්‍ර වීම ආරම්භ වන්නේ ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන්ට ලෙබනනයේ හිස්බුල්ලාවරුන් සහාය දැක්වීමත් සමගින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලාවරුන්ට පසුගිය වසරට සාපේක්ෂව එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරය මෙය බවට ද වාර්තා වනවා.

දකුණු ලෙබනනයේ පුරවැසියන්ට ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම සිටින ස්ථානවලින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමේ දුරකථන පණිවිඩ ලැබී ඇති හෙයින් හිස්බුල්ලා සංවිධානයට එරෙහි සිය ප්‍රහාර “පුළුල්” කරන බවට ඊශ්‍රායලය පවසා තිබෙනවා.

ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් “සමූලඝාතන යුද්ධයක්” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21