කොළඹින් ගෙන ආ මත්ද්‍රව්‍ය වැල්ලවායේ බෙදූ අඹු සැමි යුවළ මාට්ටු

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී කොළඹ ප්‍රදේශයේ සිට වැල්ලවාය දක්වා අයිස් මත්ද්‍රව්‍ය ගෙනැවිත් වැල්ලවාය ප්‍රදේශයේ බෙදාහැරී අඹු සැමි යුවලක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව සහ ඇගේ පුරුෂයා විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකාර අඹුසැමි යුවලට අමතරව තවත් සැකකරුවන් පස් දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසිතුනක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් කොළඹ,කඩුවෙල,හෝකන්දර,වැල්ලවාය සහ ඇතිලිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?