කොහුවල දී වෙඩි කෑ පුද්ගලයාට මත් ජාවාරම්කරුවෙක් සමඟ සබඳතා ඇති බව හෙළිවෙයි

කොහුවල පොලිස් වසමේ කොහුවල හන්දිය හා නුගේගොඩ හන්දිය අතර ප්‍රදේශයේ දී ඊයේ (22) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වයස අවුරුදු 25ක පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.

තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල, බෝධියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු මේ වනවිට විදෙස් ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අවිශ්ක නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව කොහුවල පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?