කොස්ගම පත්තු වූ වෙඩිල්ලට තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 03 වැනිදා කොස්ගම, බොරවගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් එම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු, යතුරු පැදියේ පැදිකරු හා සැකකරුවන්ට නවාතැන් ලබා දෙමින් අපරාධයට ආධාර අනුබල දුන් කාන්තාවක් ඊයේ (09) දින තුම්මෝදර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 45 වයස්වල පසුවන රුවන්වැල්ල සහ තුම්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 43ක් වන තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකරුවන් විසින් අපරාධය සඳහා යොදාගත් රිවෝලවර් අවියක්, ජංගම දුරකථනයක් පොලිසිය විසින් ඔවුන්ගේ ප්‍රකාශ මත සොයාගෙන ඇති අතර හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?