කොරෝනා පසු කරමින් යළි හිස ඔසවන රෝගය

2021 වර්ෂයේ ඩෙංගු මරණ යම් අඩු වීමක් දක්නට ලැබුනත් ඉකුත් නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

සුදත් සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ නව වසරේ ඩෙංගු උවදුරෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) සංවිධානය කර තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මේ වන විට දිස්ත්‍රික්ක 15ක පමණ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව හඳුනා ගෙන ඇති බවත් ඉදිරියේදී ද ඩෙංගු අවදානම වැඩි වීමට ඉඩ තිබෙන බවත් නව වසරේ සාමාන්‍ය පරිදි කාර්යාල හා පාසල් විවෘත වීම නිසා සෑම ආයතනයකටම වාර්ෂික ඩෙංගු මර්දන සැලැස්මක් සකස් කළ යුතු බවද  විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.

නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානම පවතින බවත් ඉවතලන ද්‍රව්‍ය, වැහි පිහිළි, ටැංකි, ටයර්, වැසිකිලි පද්ධතී, ගස් බෙන, ගෘහස්ත ජල බඳුන් හා ඉදිකිරීම් පරිශ්‍ර ආදිය ඩෙංගු කීටයන් බෝවීමට උපකාරි වන බැවින් එම තත්වය මැඬලීමට ගෘහස්ත පිරිසිදුභාවය වැදගත් වන නිසා දෛනික පුරුද්දක් ලෙස ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සොයා පිරිසිදු කිරීම හා මදුරු කීටයන් විනාශ කිරීම කළ යුතු බවද සඳහන් කළා.

ශරීරයේ තද උණ, ඇඟපත වේදනාව, හිසරදය හා සෙම්ප්‍රතිශ්‍යාව මූලික ඩෙංගු රෝග ලක්ෂණ බවත් රෝගියාට  විවේකය ලබා දීම, හොඳින් දියර වර්ග ලබා දීම, ශරීරයේ ජල ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම ඩෙංගු රක්තපාත හෝ කම්පන තත්ත්වයට පත්වීමෙන් වළක්වා ගැනීමට හැකි වන බවද එම සාකච්ඡාවට එක් වෙමින් ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළා.

නොදන්නා අත්බෙහෙත් පාවිච්චියට නොයා ප්‍රතිකාර සඳහා රෝගියාට අවශ්‍ය සහයෝගය හා ප්‍රතිශක්තිය ලබා දීම තුලින් ඩෙංගු රෝගයෙන් ඇති වන සංකුලතා හා මරණ අඩු කළ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා.

ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකම එකවර වැළදුණ රෝගීන්ද හමු වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසුවා.

වර්තමානයේදී කොවිඩ් රෝගීන්ට වඩා ඩෙංගු රෝගීන් දක්නට ලැබෙන බව කී වෛද්‍යවරයා උණ රෝගී තත්වයක් ඇත්නම් වෛද්‍යවරයකු හමුවීම වැදගත් බව ද සඳහන් කළා.

මේ අතර කොරෝනා රෝගයත් ව්‍යාප්ත වන පසුබිමක ඩෙංගු රෝගීන්ගේ සහ කොරෝනා රෝගීන්ගේ රෝග ලක්ෂණ එක හා සමාන වෙනවා.

කොවිඩ් බූස්ටර් මාත්‍රාවේ සංකූලතා ලෙස ද මාංශ පේශි රිදීම, උණ ගතිය, හිසරදය ආදිය ඇති විය හැකි නමුත් තද උණක් හා මාංශ පේශි වේදනාවක් ඇත්නම් එය ඩෙංගු විය හැකියි.

කොවිඩ්ද? ඩෙංගු ද? බූස්ටර් මාත්‍රාවේ සංකූලතාවක්ද? යන්න සැක හැර දැන ගැනීම සිදු කරගත යුතු වෙනවා.

මේ අතර ඊයේ දිනයේද ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 41 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මීට පෙර සනාථ කළ ඔමික්‍රෝන් ආසාදිතයින් 4 දෙනා ද සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 49ක් බවට පත් වෙනවා.

ඒ අනුව ජනතාව ඩෙංගු රෝගය සහ කොවිඩ් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. 

පරිසරය පිරිසිදු කර ගැනීමෙන් ඩෙංගු රෝගය අවම කර ගත හැකි අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නම් කොවිඩ් රෝගයද අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. එබැවින් පුරවැසියා සිය  වගකීම නිසි අයුරෙන් ඉටු කළ යුතු වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03