AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා එන්නත ගත්තම වෙනදේ පරීක්ෂණයකින් එළියට

ලංකාවේ තරුණ තරුණියන්ට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර අදට මාසයක් ගතවිය. දැන් දැන් සමහර එන්නත්කරණ මධ්‍යස්ථානවල දකින්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්

කෙසේ වෙතත් මෙසේ එන්නත්කරණය මගහරින බොහෝ තරුණ තරුණියන්ගේ ප්‍රධානම ගැටලුව වූයේ විදෙස්ගත වීමකදී එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති නිසය.

දැනට ලංකාවේ අවුරුදු විස්සත් විසි නවයත් අතර තරුණ ප්‍රජාවට දෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි. නමුත් කලින් ප්‍රකාශ කර තිබුණේ තරුණ ප්‍රජාවට ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත දෙන බවයි. දැන් දැන් තරුණ තරුණියන් අතර ස්මාර්ට් ජංගම දුකථනය. ඔවුන් තොරතුරු සොයන්නේ අන්තර්ජාලයෙනි.
එහි හොඳම එන්නත ලෙස කියැවෙන්නේ ෆයිසර්ය. ඒ නිසා ලංකාවේ තරුණ තරුණියන් ෆයිසර් ගහගන්නට කැමතිය.

‘‘මෙහෙමයි, විදෙස්ගත වෙන හැමෝටම ෆයිසර් එන්නත අනිවාර්යයි කියලා නැහැ. ඒත් කුමන හෝ රටක් ඒ රටට එන විදේශිකයන් හට ෆයිසර් එන්නත අනිවාර්ය කරලා තියෙනවා නම් අපි ඔවුන්ට සහනයක් දෙන්න කැමතියි. එහෙම අය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව එවන්න ඕනේ ඔහු යන රටේ අනිවාර්ය කර ඇති එන්නත පිළිබඳව. එවිට එය සත්‍යයක් නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඇතිව ඔවුන්ට ෆයිසර් එන්නත ගන්න පුළුවන්කම තියෙනවා.’’

කෙසේ නමුදු එන්නත් ගැනීමට තරුණ ප්‍රජාව මැළිකමක් දක්වන තවත් ගැටලුවක් ඇත්තේය. ඒ, කොවිඩ් එන්නත ගැනීමෙන් වඳ භාවය, ලිංගික බෙලහීනතාව, ලිංගික ආකර්ෂණය නොමැති වීම සහ එන්නත් ගත් පුද්ගලයන් වසර දෙකකදී මිය යනවා යැයි පවතින මිථ්‍යා මතයන් ඔවුන්ගේ හිත්වල හොල්මන් කිරීමය. මේ කතා පැතිරෙන්නේ සමාජ මාධ්‍යවලය. එහෙත් එසේ එන්නත ගෙන ලිංගික බෙලහීනතාව ඇතිවූ අයෙක් තවමත් නැත. එය හරියට එයත් කපුටා වමනේ දැම්මා වගේ කතාවකි.

මේ කතා විශ්වාස කරන අය අතරේ නාගරික හා ගම්බද කියා වෙනසක් නැත. ඊට හොඳම කතාව කියන්නේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණිය.

‘‘අද වෙනකොට කොළඹ නගර සභාවේ පමණක් එන්නත් කළ යුතු තරුණ සංඛ්‍යාව අනූ හත්දහසක් වෙනවා. ඒත් අද වෙනතෙක් එන්නත ලබාගෙන තියෙන්නේ විසිපන් දහස් අටසීයක් වගේ ප්‍රමාණයක් විතරයි.’’

අද වනවිට ලංකාවේ වැඩිපුරම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ අවුරුදු තිහට අඩු තරුණ ප්‍රජාවෙනි. එය සියයට හැටක ප්‍රතිශතයකි. එසේ කොවිඩ් වයිරසය ආසාදනය වී පැමිණෙන තරුණ පිරිස අතර වැඩි පිරිසක් සිටින්නේ කොවිඩ් මර්දන එන්නත් නොගත් කාණ්ඩය බව විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි කියන්නේය.

එපමණක් නොව, මේ ආකාරයට තරුණ ප්‍රජාව දිගින් දිගටම එන්නත්කරණය මගහැරිය හොත් කොවිඩ් වයිරසයේ පාලනයක් රට තුළින් බලාපොරොත්තු විය නොහැකි බව වෛද්‍ය මතය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?