ලංකාවේ තරුණ තරුණියන්ට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර අදට මාසයක් ගතවිය. දැන් දැන් සමහර එන්නත්කරණ මධ්‍යස්ථානවල දකින්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්
කෙසේ වෙතත් මෙසේ එන්නත්කරණය මගහරින බොහෝ තරුණ තරුණියන්ගේ ප්‍රධානම ගැටලුව වූයේ විදෙස්ගත වීමකදී එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති නිසය.
දැනට ලංකාවේ අවුරුදු විස්සත් විසි නවයත් අතර තරුණ ප්‍රජාවට දෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි. නමුත් කලින් ප්‍රකාශ කර තිබුණේ තරුණ ප්‍රජාවට ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත දෙන බවයි. දැන් දැන් තරුණ තරුණියන් අතර ස්මාර්ට් ජංගම දුකථනය. ඔවුන් තොරතුරු සොයන්නේ අන්තර්ජාලයෙනි.
එහි හොඳම එන්නත ලෙස කියැවෙන්නේ ෆයිසර්ය. ඒ නිසා ලංකාවේ තරුණ තරුණියන් ෆයිසර් ගහගන්නට කැමතිය.
‘‘මෙහෙමයි, විදෙස්ගත වෙන හැමෝටම ෆයිසර් එන්නත අනිවාර්යයි කියලා නැහැ. ඒත් කුමන හෝ රටක් ඒ රටට එන විදේශිකයන් හට ෆයිසර් එන්නත අනිවාර්ය කරලා තියෙනවා නම් අපි ඔවුන්ට සහනයක් දෙන්න කැමතියි. එහෙම අය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව එවන්න ඕනේ ඔහු යන රටේ අනිවාර්ය කර ඇති එන්නත පිළිබඳව. එවිට එය සත්‍යයක් නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඇතිව ඔවුන්ට ෆයිසර් එන්නත ගන්න පුළුවන්කම තියෙනවා.’’
කෙසේ නමුදු එන්නත් ගැනීමට තරුණ ප්‍රජාව මැළිකමක් දක්වන තවත් ගැටලුවක් ඇත්තේය. ඒ, කොවිඩ් එන්නත ගැනීමෙන් වඳ භාවය, ලිංගික බෙලහීනතාව, ලිංගික ආකර්ෂණය නොමැති වීම සහ එන්නත් ගත් පුද්ගලයන් වසර දෙකකදී මිය යනවා යැයි පවතින මිථ්‍යා මතයන් ඔවුන්ගේ හිත්වල හොල්මන් කිරීමය. මේ කතා පැතිරෙන්නේ සමාජ මාධ්‍යවලය. එහෙත් එසේ එන්නත ගෙන ලිංගික බෙලහීනතාව ඇතිවූ අයෙක් තවමත් නැත. එය හරියට එයත් කපුටා වමනේ දැම්මා වගේ කතාවකි.
මේ කතා විශ්වාස කරන අය අතරේ නාගරික හා ගම්බද කියා වෙනසක් නැත. ඊට හොඳම කතාව කියන්නේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණිය.
‘‘අද වෙනකොට කොළඹ නගර සභාවේ පමණක් එන්නත් කළ යුතු තරුණ සංඛ්‍යාව අනූ හත්දහසක් වෙනවා. ඒත් අද වෙනතෙක් එන්නත ලබාගෙන තියෙන්නේ විසිපන් දහස් අටසීයක් වගේ ප්‍රමාණයක් විතරයි.’’
අද වනවිට ලංකාවේ වැඩිපුරම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ අවුරුදු තිහට අඩු තරුණ ප්‍රජාවෙනි. එය සියයට හැටක ප්‍රතිශතයකි. එසේ කොවිඩ් වයිරසය ආසාදනය වී පැමිණෙන තරුණ පිරිස අතර වැඩි පිරිසක් සිටින්නේ කොවිඩ් මර්දන එන්නත් නොගත් කාණ්ඩය බව විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි කියන්නේය.
එපමණක් නොව, මේ ආකාරයට තරුණ ප්‍රජාව දිගින් දිගටම එන්නත්කරණය මගහැරිය හොත් කොවිඩ් වයිරසයේ පාලනයක් රට තුළින් බලාපොරොත්තු විය නොහැකි බව වෛද්‍ය මතය වී තිබේ.














කෙන්නත් අරන් ,අංශභාගය හැදුනු රෝගීන් , අත් පෑ හිරිවැටුණු රෝගීන් මැරුණු අය ඕනා තරම් ඉන්නවා. ඒවාට ඕනා තරම් සාක්ෂිත් තියෙනවා. අත් පෑ හිර වැටිලා පන නැතිවෙන්වානම් ලින්ගික අප්‍රාණිකත්වය ඇති වෙන්නේ නැහැ කියා ඔය වෛද්‍ය වරයා කියන්නේ මොන පදනමින්ද? වාරතා වෙලා නැහැ කියන එකයි වාර්තා නොකරනවා කියන එකයි දෙකක්. වාර්තා යට ගහල සත්‍ය සැගවුවාට මිනිස්සුන්ට තමාගේ වට පිටාවේ සිදු වාන් දේවල් අත් දැකීම තියෙනවා එන්නතින් වන ව්‍යසන ගැන. තම අම්මා , තාත්තට , ආච්චි සීයාට වුනු දේ ගැන. මුහුණු පොතට ගිහිල්ල බලන්න , තම අමා නැතිවුණා ත්ත්ටා නැතිවුනා කියා ළමයි වැලපෙන තරම්. සමාජ මාධ්‍යයෙන් කිවා කියා එන්නත් ගහන එක නවතිනවා නම් මේ රටේ කිසිම කෙනෙක් එන්නත් කර ගන්නේ නැහැ. නමුත් සත්‍ය නම් වැඩිහිටියනට ගහපු එන්නත් වල ආදීනව දැක්කට පස්සේ දැන් එන්නත් ගහ ගන්න තරුණ ප්‍රජාව පැකිලෙන්වා . අනන් එකයි ඇත්ත.
ඔව්. එකගයි 👍
බලෙන් එන්නත් කරන්න වරෙන්කො කාලකන්නි! අපේ රටේ බෙහෙත් තියෙනවා ඔයා පරීක්ෂණ කරන ජරා එන්නත් අපට අවශ්‍ය නැත. කරුණාකර මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් වලකින ලෙස රජයට බල කරනනෙමු
එලකිරි ඔයා නියම පිලිතුර දීලා තියෙනවා
ඔය කියන එකක්වත් නිසා නෙමෙයි දැන් සමාජය දියුනුයි. මිනිස්සුන්ට දැන් ලෝකය දිහා බලන්න පුලුවන් ඒ හැමදේම දිහා බැලුවම ඔයාලත් දේශපාලුවන්ට ගොට්ට අල්ලන බව බොහොම පැහැදිලි මේ වගේ ප්‍රවුර්ති දාද්දී එහෙම හිතුනේ නැද්ද ? ඒකත් මිනිස්සුන්ට තේරෙනවා කියලා.ඔච්චර එන්නත ගැන විශ්වාසයෙන් මිනිස්සුන්ට කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න රජයේ ලොකු ලොකු නිලදාරින් එන්නත් විද්දද නැත්තම් ආයුර්වේද බෙහෙත් කරාද කියලා….නිකන් ගොන් ප්‍රවුර්ති දාන්න එපා
එහෙනම් මොන රෙද්දකට hambanthota උන්ට pfizer gewwe????? රට යන නිසාද