AFC Banner
Empty Ad
Empty Ad

කොරියානු ටෙලි කතා නැරඹූ නව යොවුන් තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම

අමෙරිකානු හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරඹූ උතුරු කොරියානු නව යොවුන් තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබාදීමට උතුරු කොරියානු රජය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස මරණ දණ්ඩනය හිමිව ඇත්තේ වයස අවුරුදු 16 සහ 17 යන වයසේ පසුවන නව යොවුන් තරුණයින් දෙදෙනෙකුට බවයි.

මොවුන් උතුරු කොරියාවේ රයැන්ජියැන් පළාතේ නගරයක පාසල් සිසුන් වන අතර, මොවුන් පාසල තුල දී මෙලෙස හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නරඹා ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම නව යොවුන් තරුණයින් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ඔවුන්ට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුටත් පවසන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම මරණ දණ්ඩනය ක්‍රියාත්මක වී ඇති අතර, විදෙස් මාධ්‍ය මෙම සිදුවුවිම වාර්තා කර තිබුණේ ඊයේ (06) දිනයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?