කොරියාණු ජාතිකයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙක්ව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
වෙන්නප්පුව, වැව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන මෙම සැකකරු ඊයේ (17) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පහර කෑමට ලක්ව ඇති කොරියාණු ජාතික කිම් සිං හ්යොං (අවූ:27) යන අය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව, චාල්ස් විලියම් මාවතේ තාවකාලිකව පදිංචිව සිටිමින් ඒ ආසන්නයේ ඇති දේවස්ථනයක ඉගැන්වීම් කටයුතු සිදුකළ කොරියනූ ජාතිකයෙක්.
ඉකුත් 16 වැනිදා එම දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට සැකකරු අනවසරයෙන් සහභාගි වී ඇති අතර එම අවස්ථාවේදී දේවස්ථානයේ පාලිකාවක් බව කියන කොරියාණු ජාතික කාන්තාවකට බැන වැදී සැකකරු එම කාන්තාව සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.
පසුව 17 වැනිදා එම පාලිකාව සහ පහර කෑමට ලක්ව ඇති කොරියාණු ජාතිකයා දේවස්ථානයට අවශ්‍ය පුටු මිලදී ගැනීම සදහා වෙන්නප්පුව නගරයට ගොස් ඇති අතර පෙර දිනයේ දේවස්ථානය තුළදී සිදුවූ සිද්ධිය මුල් කර ගෙන සැකකරු කොරියන් ජාතිකයින් සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහර දීම සිදුවී ඇත්තේ ඉන් පසුවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.















