කොටහේන ප්‍රදේශයේ ජංගම දූරකථන අලෙවිසැලක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.
ඒ, සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොළඹ – 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති පුද්ගලයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙම වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනිඅවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද එහිදී වැඩිදුරටත් පොලිසිය සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළා.