කොටහේනේ වෙඩි තැබීමට ඇල්ලූ සැකකරුවෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ

කොටහේන ප්‍රදේශයේ ජංගම දූරකථන අලෙවිසැලක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.

ඒ, සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොළඹ – 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති පුද්ගලයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනිඅවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද එහිදී වැඩිදුරටත් පොලිසිය සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38