කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් මන්නාරමෙන් අල්ලයි

ලද තොරතුරකට අනුව මන්නාරම පොලිස් වසමේ සෙල්වනගර් ප්‍රදේශයේදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ 10 ග්‍රෑම් 505 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 23 හා 27 වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

සැකකරුවන් සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?