කෙසෙල්බද්දර පද්මේ ඉෂාරාගේ සොහොයුරුට ලක්ෂයක මුදලක් බැර කර ඇති බවට හෙළිවෙයි

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන මේ වනවිට (26) අතුරුදන් ව සිටින ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයාගේ ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් බැර කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග ලබාගෙන සැකකාරිණියගේ මව සහ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර එහිදියි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදු වූ පෙබරවාරි මස 19 වැනි දින පෙරවරුවේ එම මුදල් ප්‍රමාණය තැන්පත් කර ඇති බවත්, සැකකාරිණිය එදින පස්වරුවේ කළුතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනාකමක් සහිත රත්‍රං බඩු මිලට ගෙන ඇති බව ද හෙළි ව තිබෙනවා.

පසුව ඇය සිය මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට යන බවට පවසමින් කඩුවෙල දෙසට නික්ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට අංක 09 දරන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයක් අනුව පසුගියදා අධිකරණයට රැගෙන ආවා.

ඒ පූර්ණ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

නමුත් එදින ඔහුට භෞතිකව අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම්දුන් අංක 09 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු නොසිටි බැවින් ඔහු තවත් නඩු කටයුත්තක් සඳහා එදිනම අංක 05 දරණ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණා.

නඩු කටයුත්ත අවසන් වී සැකකරු විත්ති කූඩුවෙන් එළියට බැහීමට සැරසෙද්දී එම ශාලාවේ නීතිඥවරයෙකුගේ වෙස් ගෙන සිටි අයෙකු සැකකරු අසලට පැමිණ ගිනි අවියක් ක්ෂණිකව ක්‍රියාත්මක කර තැබූ වෙඩි ප්‍රහාර මාලාවෙන් සංජීව කුමාර සමරරත්න නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

එදිනම මෙම ඝාතනයේ වෙඩික්කරු පුත්තලම – පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකාය භාරයට ගැනුණු අතර ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්‍රහය කෘතියෙහි බහා වෙඩික්කරුට දුන් 26 හැවිරිදි තරුණිය තවමත් අත් අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

ඊයේ දිනයේදිත් ඇය මතුගම – රන්නගල ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත විශේෂ පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?