කුසල් හා අවිශ්ක අතර දෙවැනි කඩුල්ලට නොබිඳුණු සබඳතාවක්

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් සිය එක්දින අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

අද (13) තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව ශක්තිමත් ඉනිමක් ගොඩනැගීමට උත්සාහ කළ ද; එය ව්‍යාර්ථ වූයේ නිස්සංක ලකුණු 12කට ඩෆීගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ලට පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් අවිශ්ක හා එක්ව නොබිඳුණු ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගීමට සමත් ව සිටිනවා.

කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර එක්දින පිටියේ 32 වැනි අර්ධ ශතකයත් අවිශ්ක 9 වැනි අර්ධ ශතකයත් වාර්තා කිරීමට සමත් වුණා.

කුසල් පන්දු 66ක දී නොදැවී ලකුණු 55ක් සහ අවිශ්ක පන්දු 64ක දී ලකුණු 55ක් ද අතැතිව පිටියෙහි රැඳී සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 128ක් ලබා සිටින්නේ පන්දුවාර 23ක් අවසානයේ දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21