කුසල් හා අවිශ්ක අතර දෙවැනි කඩුල්ලට නොබිඳුණු සබඳතාවක්

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් සිය එක්දින අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

අද (13) තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව ශක්තිමත් ඉනිමක් ගොඩනැගීමට උත්සාහ කළ ද; එය ව්‍යාර්ථ වූයේ නිස්සංක ලකුණු 12කට ඩෆීගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ලට පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් අවිශ්ක හා එක්ව නොබිඳුණු ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගීමට සමත් ව සිටිනවා.

කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර එක්දින පිටියේ 32 වැනි අර්ධ ශතකයත් අවිශ්ක 9 වැනි අර්ධ ශතකයත් වාර්තා කිරීමට සමත් වුණා.

කුසල් පන්දු 66ක දී නොදැවී ලකුණු 55ක් සහ අවිශ්ක පන්දු 64ක දී ලකුණු 55ක් ද අතැතිව පිටියෙහි රැඳී සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 128ක් ලබා සිටින්නේ පන්දුවාර 23ක් අවසානයේ දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?