ගොවිතැන් කළ නොහැකි සියලූ කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.මෙයට අදාල චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට නියමිත බවයි, දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන කමිටු රැස්වීමට ඊයේ දිනයේ දී එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ වනවිට කාබනික දියර පොහොර ලීටර් මිලියන 08කට අධික ප්‍රමාණයක් හා කාබනික පොහොර ටොන් ලක්ෂ 03ක් ද ගොවීන් අතර බෙදා දී ඇති බවයි සාකච්ඡාවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියා සිටියේ.
අදවනවිට කාබනික පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයක් හටගෙන ඇත්තේ පොහොර සඳහා ඇති ඉල්ලූම ඉහළ යාම මෙන්ම සැපයුම අඩාල වීම නිසා බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
දැනට පොල් පැළවල හිඟයක් රට තුළ පවතින නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 05ක් බැගින් ලබා දී පොල් පැළ තවාන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි ඊයේ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත්තේ.














