කුඩු සලිඳුගේ පාර්ශ්වයේ සාමාජිකයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.
අද (11) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ හිරණ – මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකුටයි.
නිවසේ ජනේලයක් බිඳ එම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
තුවාලකරු මේ වනවිට පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.
තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති අතර කුඩු සළිඳු හා නිලංග නමැති අපරාධ කල්ලි සාමාජිකයින් අතර පවතින ආරවුලක් මීට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ක්‍රියාත්මකයි.














