කුඩු තුෂාරගේ සැප බස් දෙකක් ගම්පහ ලංගම ඩිපෝවට

යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් භාරයට ගැනුණු බස් රථ දෙකක් ඇතුළු වාහන දහයක් එහි හිමිකරුට භාවිත කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් ගම්පහ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ අදාළ බස් රථ දෙක කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝව වෙත ධාවනය සඳහා ලබාදෙන ලෙසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 22 වැනිදා බෙම්මුල්ල පොලිස් වසමේ කොරසේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින්ජා වාරමෙන් උපයා ගත් මුදල් යොදා මිළදි ගත් බවට හෙළි වූ බස් රථ දෙකක්, කුඩා ලොරි රථ දෙකක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි පහක් පොලිස් භාරයට ගැනුණා.

එහිදී අනාවරණ වූයේ ඒවා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන තුෂාර කුමාරසිංහ හෙවත් ‘කුඩු තුෂාර’ යන අයට අයත් ඒවා බවයි.

ඊට අදාළව පැවති නඩු විභාගයේ දී බස් රථ දෙක ද ඇතුළුව පොලිස් භාරයට ගැනුණු රථවාහන දහය හිමිකරුට භාවිත කිරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කෙරුණා.

එහිදී වාහනවල හිමිකරු පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇත්තේ අදාළ බස් රථ දෙක කල්බදු ක්‍රමයට ගෙන ඇති බැවින්, ඒවා ධාවනය කර ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්, එහිදී පෙත්සම්කරු යෝජනා කර ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව වෙත භාරදී අදාළ බස් රථ දෙක ධාවනය කරවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අනුව අදාළ බස් රථ දෙක ධාවනය කරවා ලැබෙන ආදායම වෙනම ගිණුමකට බැර කෙරෙන අතර, නඩු විභාගයේ දී අදාළ ආදායමට සිදුකරන්නේ කුමක් ද යන්න පිළිබඳ ඉදිරි තීරණයක් ගනු ඇති.

ඒ, අනුව එම බස් රථ දෙක ඊයේ (27) බෙම්මුල්ල පොලීසිය විසින් ගම්පහ ශ්‍රී ලංගම ඩිපෝ කළමනාකරු වෙත භාර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
5
+1
28
+1
2
+1
3
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10