spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩු තුෂාරගේ සැප බස් දෙකක් ගම්පහ ලංගම ඩිපෝවට

යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් භාරයට ගැනුණු බස් රථ දෙකක් ඇතුළු වාහන දහයක් එහි හිමිකරුට භාවිත කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් ගම්පහ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ අදාළ බස් රථ දෙක කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝව වෙත ධාවනය සඳහා ලබාදෙන ලෙසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 22 වැනිදා බෙම්මුල්ල පොලිස් වසමේ කොරසේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින්ජා වාරමෙන් උපයා ගත් මුදල් යොදා මිළදි ගත් බවට හෙළි වූ බස් රථ දෙකක්, කුඩා ලොරි රථ දෙකක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි පහක් පොලිස් භාරයට ගැනුණා.

එහිදී අනාවරණ වූයේ ඒවා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන තුෂාර කුමාරසිංහ හෙවත් ‘කුඩු තුෂාර’ යන අයට අයත් ඒවා බවයි.

ඊට අදාළව පැවති නඩු විභාගයේ දී බස් රථ දෙක ද ඇතුළුව පොලිස් භාරයට ගැනුණු රථවාහන දහය හිමිකරුට භාවිත කිරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කෙරුණා.

එහිදී වාහනවල හිමිකරු පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇත්තේ අදාළ බස් රථ දෙක කල්බදු ක්‍රමයට ගෙන ඇති බැවින්, ඒවා ධාවනය කර ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්, එහිදී පෙත්සම්කරු යෝජනා කර ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව වෙත භාරදී අදාළ බස් රථ දෙක ධාවනය කරවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අනුව අදාළ බස් රථ දෙක ධාවනය කරවා ලැබෙන ආදායම වෙනම ගිණුමකට බැර කෙරෙන අතර, නඩු විභාගයේ දී අදාළ ආදායමට සිදුකරන්නේ කුමක් ද යන්න පිළිබඳ ඉදිරි තීරණයක් ගනු ඇති.

ඒ, අනුව එම බස් රථ දෙක ඊයේ (27) බෙම්මුල්ල පොලීසිය විසින් ගම්පහ ශ්‍රී ලංගම ඩිපෝ කළමනාකරු වෙත භාර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?