කිවියන්ට එරෙහි T20 සටනින් වෙල්ලාලගේ ඉවතට – භානුක හා චමිඳුට ඉඩක්

තරග 03කින් සමන්විත T20 ශ්‍රී ලංකා – නවසීලන්ත තරග සංචාරයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හට අහිමි වී තිබෙනවා.

වෙල්ලාලගේ තරග සංචිතයට එක් නොවීමට හේතුවක් සඳහන් නොවන අතර ඒ වෙනුවට භානුක රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් වෙල්ලාලගේ මේ දිනවල ලංකා ප්‍රීමියර් ලීගයේ යාපනය ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොවැම්බර් මස 20 වැනි දින එනම් හෙට දිනයේ දී නවසීලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරුණා.

නායකත්වය චරිත් අසලංක හට හිමි ව ඇති අතර පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ , වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු එක් ව සිටිනවා.

කිවියන්ට එරෙහිව T20 තරග පිළිවෙළින් දෙසැම්බර් මස 28 සහ 30 Mount Maunganui හි දී පැවැත්වෙනවා.

එහි අවසන් තරගය ජනවාරි මස 02 නෙල්සන් හි දියි පැවැත්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
4
+1
2
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10