තරග 03කින් සමන්විත T20 ශ්‍රී ලංකා – නවසීලන්ත තරග සංචාරයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හට අහිමි වී තිබෙනවා.
වෙල්ලාලගේ තරග සංචිතයට එක් නොවීමට හේතුවක් සඳහන් නොවන අතර ඒ වෙනුවට භානුක රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් වෙල්ලාලගේ මේ දිනවල ලංකා ප්‍රීමියර් ලීගයේ යාපනය ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොවැම්බර් මස 20 වැනි දින එනම් හෙට දිනයේ දී නවසීලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරුණා.
නායකත්වය චරිත් අසලංක හට හිමි ව ඇති අතර පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ , වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු එක් ව සිටිනවා.
කිවියන්ට එරෙහිව T20 තරග පිළිවෙළින් දෙසැම්බර් මස 28 සහ 30 Mount Maunganui හි දී පැවැත්වෙනවා.
එහි අවසන් තරගය ජනවාරි මස 02 නෙල්සන් හි දියි පැවැත්වෙන්නේ.














ශ්‍රී ලංකාවට ඔය කිසිම රටක් ගේමක් නෑ.අනිවාර්යෙන්ම T20 Match එක දිනනවා.because kamindu in the scaud.If have kamindu we will won the match.අපේ සංචිතයේ ඉන්න batting side එකත් that is very good choice.And very clever. Our balling sidebetter than New Zealand balling side.we are best